Breaking

Friday, November 17, 2017

මාස 5කට ආසන්න කාලයක් මුහුදේ අතරමංව සිටි කාන්තාවන් දෙදනකු සොයාගැනේ


මාස 5කට ආසන්න කාලයක් මුහුදේ අතරමංව සිටි කාන්තාවන් දෙදනකු හා සුනඛයින් දෙදනකු සහිත කුඩා යාත්‍රාවක් සොයා ගැනීමට අමෙරිකානු නාවික හමුදාව සමත්ව තිඛෙනවා.
මෙම කාන්තාවන් දෙදෙනා මාස 5 කට පෙර විනෝද චාරිකාවක් සදහා සිය යාත්‍රාවෙන් මුහුදු ගොස් තිබූ අතර එහිදී ඔවුන්ගේ යාත්‍රාව කාර්මික දෝෂයකට ලක්ව තිබුණා. ඔවුන් ගමන් ඇරඹූ හොනලුලු සිට සැතපුම් දහස් ගණනක දුරක් ඒ මේ අත පාවෙමින් ගිය මෙම යාත්‍රාවේ රැදී සිට තිබුණේ මෙම කාන්තාවන් දෙදෙනා හා ඔවුන්ගේ සුරතල් සුනඛවින් පමණයි.
පසුව මසුන් අල්ලා ගනිමින් සිය ජීවිතය ආරක්ෂා කරගත් ඔවුන් සුළි කුණාටු ආදී අවස්තාවන්ට පවා මුහුණදී තිබුණා.
මේ කාලය තුල ඔවුන් දක්ෂිණ සාගරය දෙසට ඇදී ගොස් තිබූ අතර පසුව ජපානය ආසන්න මුහුද දක්වා සුළගට ගසා ගෙන තොස් තිබුණා.
එහිදී තායිවාන ධීවර නෞකාවක් විසින් අමෙරිකානු නාවික හමුදාවට සිදුකළ දැනුම්දීමක් අනුවයි මෙම කාන්තාවන් බේරාගෙන ඇත්තේ.
ඔවුන් නීරෝගී තත්ත්වයෙන් පසුවන බව අමෙරිකානු නාවික හමුදාව නිවේදනය කළා.
මෙසේ මාස 5ක කාලයක් මුහුදේ සුළං රැළිවලට හසුවූ නිදැල්ලේ යන යාත්‍රාවක සිට ජීවිතය බේරා ගැනීම විස්මයක් ලෙසයි නම්කර ඇත්තේ.
FacebookTwitterGooglShare

No comments:

Post a Comment