Breaking

Thursday, August 10, 2017

wifi signal වැඩි කරගත හැකි ක්‍රම 7ක්


ඔබගේ රැහැන් රහිත  රවුටරයෙන් රැහැන් රහිත ඉතා ප්‍රබල සංඥා ලබාගැනීමට ඔබට පහත සදහන් පියවර අනුගමනය කිරීමෙන් පුළුවන්.අපි බලමු කොහොමද මේ  wifi සිග්නල්  වැඩි කරගන්නේ කියලා.

1. රවුටරේ Firmwaer Update කිරීම.
සමහර විට ඔබේ රවුටරයට අප්ඩේට් කිරීමක් අවශ්‍ය විය හැක.රවුටර් නිෂ්පාදකයින් සෑම විටම මෘදුකාංග අප්ඩේට් කිරීමක් මගින් එහි ක්‍රියාකාරිත්වයේ හා වේගයේ සුළු වැඩි කිරීමක් සිදු කරයි.
මෙය  ඇඩ්මිනිස්ට්‍රෙසර් අතුරුමුහුණතට පිවිස හෝ නිෂ්පාදකයන්ගේ වෙබ් අඩවියට ගොස් සිදී කල හැක.

2.රවුටරයට සුදුසු ස්ථානයක් තෝරාගන්න
රවුටරය කැබිනෙට්ටුවක් අසල,එහි කේබලය පැමිණෙන සිතනය අසල,ජනෙල්,වෙනත් ඉලෙක්ට්‍රොනික උපාංග  අසල තැබීම එතරම් සුදුසු නොවේ.රවුටරය සදහා විවෘත පරිසරයක් තිබීම වැදගත් වෙයි.
තවද  රවුටරයේ බාහිර ඇන්ටනා පවතීනම්  ඒවා සිරස් ලෙස ඉහලට ඔසවා තබන්න.රවුටරය හිනම් බිත්තියේ ඉහල ස්ථානයක හෝ මේසයක් මත තබන්න.

3. සංඛ්‍යාතය වෙනස් කර බලන්න
මේ සදහා පරිපාලක අතුරුමුහුණතට පිවිස නියමිත ක්‍රියාකාරිත්වය සදහා රවුටරය සැකස ඇතිදැයි බලන්න.ඔබ සතුව Dual band රවුටරයක් ඇතිනම් එහි සංඛ්‍යාතය 5GHz ලෙස වෙනස් කිරීමෙන් ද,
මෙහි වැදගත් වන්නේ  මෙම සංඛ්‍යාතය වැඩි පුර භාවිතා නොවන සංඛ්‍යාතයක් වීමයි .එම නිසා අනෙකුත් රහණ රහිත උපාංග වලින් කරන බලපෑම නැතිවේ

4.channel එක මාරු කරන්න
ඔබ භාවිතා කරන චැනලය ඔබේ අසල්වසියනුත් භාවිතා කරයිනම් ජාල අතර අවහිරතාවක් ඇති විය හැක.වින්ඩෝස්  7 පරිගණක වලින් වෙනත් ජාල වල චැනල් සොයා ගැනීමට
cmd හි net show lan show all ටයිප් කර සොයා ගත හැක.බොහොමයක් රවුටර් වල චැනල් 11 සහ 6  භාවිතා වේ.ඔබට මෙය පරිපාලක අතුරු මුහුණතේ වයර්ලස්  සෙටින්ස්  category
තුලින් වෙනස් කර ගත හැක.

5.කල්පැනපු දෘඩාංග ඉවත් කරන්න
ඔබ පැරණි උපාංග භාවිත කරයිනම් ඔබට උපරිම ක්‍රියාකාරිත්වයක් ලබාගැනීමට නොහැකි වේ.එම නිසා පරණ දෘඩාංග ඉවත් කිරීම හෝ අප්ග්‍රේඩ් කරන්න

6. ඇන්ටනාව මාරු කර බලන්න 
ඔබගේ අභ්‍යන්තර ඇන්ටනාවක් ඇතිනම් එයට බාහිර ඇන්ටනාවක් සවි කර බලන්න නවතම ඇන්ටනාවක් මිලදී ගැනීමේදී  high gain ලෙස සදහන්ව ඇති ඇන්ටනාවක් මිලදී ගන්න

7.රැහැන් රහිත රිපිටරයක් (පරාස වර්ධකයක් ) යොදා ගන්න
සෑම රවුටරයකම දත්ත සම්ප්‍රේෂණය කල හැකි උපරිම සීමාවක් ඇත.එම සීමාවෙන් පසු සංඥා දුර්වල වේ.ඔබගේ ජාලයට වැඩි ප්‍රදේශයක් ආවරණය කිරීමට අවශ්‍යනම් රැහැන් රහිත රිපිටරයක් (පරාස වර්ධකයක් ) යොදා ගන්න

No comments:

Post a Comment